සසර


තුරුලිය පිරි වන අරණක,
බිඟු කැන් ඔබ මොබ පියඹන,
වැලි මළුවක බෝ සෙවනක,
පඬු පැහැ සිවුරක් දරාන,
සසර දුකින් එතෙර වෙන්න,
පාරමී දහම් පුරන්න,
සිහිලැල්ලේ බවුන් වඩන,
පුංචි හිමිනමක් වෙන්නට,
අම්මේ මට අවසර දෙනවද...
                                                    ✍️චතූ



Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය