අප්පච්චි

මං නිසා සමහරක් දවසට
නුඹේ දුප්පත් හිත රිදෙන්නැති
මට තියෙන ආදරේ නිසා නුඹ
මහ දුකක් හිත දරා ඉන්නැති
නොහඟවා මට නුඹේ වේදනා
දුරක් යන්නට පාර තනන්නැති
මගේ අලුත් ලොව කිරැළු පළඳින
දවස ගැන නුඹ සිහින දකිනවැති

 පුංචි කාලෙ දඟ කරපු දවසට
අනේ නුඹටත් තරහ යන්නැති
අම්මා නැති දුක දැනෙයි කියා මට
තරහ හිත යට හංඟගන්නැති
රණ්ඩු කර කර මං අම්මා අහනකොට
නුඹේ අහිංසක නෙත් තෙමෙන්නැති
සමාවෙනවද අප්පච්චි මට
නුඹේ ආදරෙ හොඳටෝම ඇති .....
                                                        ✍️✍️ චතූ



 



Comments

  1. Ftt.. anagathayata suba pethumm...

    ReplyDelete
  2. Ftt.. anagathayata suba pethumm...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය