Posts

Showing posts from 2019

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

Image
          සුන්දර වූ තුරුලාතාවලින් අලංකාර වූ පහළ කඳුරු ගමුව ගම මැදින් ගලා යන මහ ඔය ගමට එක් කරන්නේ මහත් සුන්දරත්වයකි.ලොකු කුඩා කාගේත් ආකර්ෂණයට පත් වුණු මෙම මහ ඔය තුළ පිහිටා ඇති  "තම්මුට්ටි වළ"   කාගේත් අවධානයට ලක් වූවකි.මෙයට අතීතයේ පටන් තම්මුට්ටි යන යෙදුම භාවිතා කර ඇත්තේ එහි පෙනුම තම්මුට්ටියක හැඩය ගන්නා නිසාවෙනි.                 හිරු එළිය කෙමෙන් මෝදු වන දහවලක අපි තම්මුට්ටි වළ අසළට සේන්දු වූයෙමු. තම්මුට්ටි වළේ පිරී ඇති සුපිරිසිදු ජලය දුටු ඕනෑම අයෙකුට එයින් දිය නෑමට සිතෙයි. ඉතාමත් අලංකාර ගල් තලාවක් මැද්දෙහි පිහිටා ඇති තම්මුට්ටි වළෙන් දිය නෑමට අප බිය වූයේ සීයා විසින් අප හට පැවසූ අතීත කතාවක් සිහිවීමෙනි. ඔහු පැවසූ අන්දමට අතීත ජනයා තුළ තම්මුට්ටි වළ පිළිබඳ කතන්දර බොහොමයක් තිබී ඇත.ඒ තුළින් මගේ සිතට හොඳින් ම කා වැදුනු කතාවක් පවතියි.             එක්තරා කාලයක ගම තුළ රන්මැණිකා හා පුංචිමැණිකා නම් වූ සුරූපී තරුණියන් දෙදෙනෙකු විසීය.සහෝදරියන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ගමේ කාගේත් ආදරයට පත් ව ...

පෞද්ගලික සළුපිළි ප්‍රසිද්ධියේ ගළවන සමාජ මාධ්‍යය

Image
ඔබේ නග්න වීඩියෝවක් සමාජ ජාලයේ පළවීමට පෙර.. ලංකාවේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සලකා බැලීමේ දී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි වැඩි පංගුවක් තරුණ ජනයා අත පැවතීමයි. විශේෂයෙන්ම තරුණ හා ශිෂ්‍ය ප්‍රජාව අතර තොරතුරු හා සම්බන්ධතා හුවමාරු වන ප්‍රධාන මාධ්‍යය බවට සමාජ මාධ්‍ය ජාලා පත්ව තිබේ. අන්තර්ජාලයේ සැරිසරන්නෝ අන් කවරදාකටත් වඩා සිය පෞද්ගලික ජීවිත මේ සමාජ මාධ්‍යවල දිගහරිති. පෞද්ගලික සළුපිළි ප්‍රසිද්ධියේ ගලවා නිරුවත් කරති. මතෛක් නෑ-හිත මිතුරන්, පවු‍ලේ අය හෝ දන්නා කියන අය සමග කළ ගනුදෙනු නොදන්නවුන් සමග ද කරති. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා වැඩිවන තරමට වඩ වඩාත් ළං වෙතැයි අපේක්ෂා කළ සම්බන්ධතා ඒ හරහා වැඩි වැඩියෙන් ඈත් වීමය. දැන් ඉතිරිව ඇත්තේ මානසික රෝගී තත්ත්ව හා ඇබ්බැහිකම් පමණි. මෙය උපකරණයක් වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල අඩුවක් නොවේ. එය පාවිච්චි කිරීමේ ක්‍රමය හා සදාචාරය නොතිබිමේ ඛිෙදවාචකයකි. පාන් කපන්නට ගත් පිහියෙන් බෙල්ල කපා ගැනීමේ පූර්වාදර්ශයකි. මේ සාකච්ඡාව අප මතු කරන්නේ අහම්බයක් නිසා නොවේ. පසුගිය ගංවතුර සමයේ සුළි සුළඟක් සේ හමාගිය අන්තර්ජාල වීඩියෝ දර්ශන හා සමාජ ජාලා අදහස් ඔස්සේ ජන මනස නිරුවත් කළ ...

ලොව ප්‍රීතිමත්ම දරුවන්

Image
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) සමීක්ෂණවලට අනුව ලොව ප්‍රීතිමත්ම ළමුන් වෙසෙන්නේ නෙදර්ලන්තයේයි. නෙදර්ලන්තයට මෙම සමත්කම කිරීමට හැකියාව ලැබී ඇත්තේ මෙන්න මේ දේවල් නිසයි- විභාග සහ පාසල් ගෙදර වැඩ වැනි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නෙදර්ලන්ත පාසල් දරුවන් වෙත දැඩි පීඩනයක් එල්ල නොවේ. “වසරකට පසු දරුවන් හොදට ලියන්න කියන්න අදින්න පටන්ගන්නවා. වසර කීපයකට පසු දරුවන්ට තමන් පිළිබඳ විශ්වාසයක් ඇති වූ පසු විභාගවලින් පීඩනයක් එල්ල වෙන්නේ නැහැ,” හේග් අගනුවර බැඩෝනන්ට් ප්‍රථමික විදුහලේ අධ්‍යක්ෂිකා ඇනලීස් වාන් පවසන්නීය. යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවලට අනුව ලොව සෙසු රටවල් හා සැසඳීමේ දී නෙදර්ලන්ත දරුවන් උසස් අධ්‍යාපනය වෙත යොමු වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනු ලබයි. පාසල් අවසන්වන වේලාව ළඟා වෙද්දී නෙදර්ලන්තයේ පියවරු පාසල් ගේට්ටු අසල රැඳී සිටිනු දැක ගත හැකිය. පියවරුන්ට පඩි රහිත අතිරේක නිවාඩු දිනයක් ලබා දීම නෙදර්ලන්තය තුළ නීති ගත කොට තිබෙන අතර දරුවන් පිළිබඳ වැඩි වශයෙන් සොයා බැලීමට පියවරුන් උනන්දු කිරීම එහි අරමුණයි. “නෙදර්ලන්ත මව්වරු ජීවත් වෙන්නේ සතුටින්. පිතෘත්වය සහ එහි ඇති වැදගත්කම පිළිබඳ සමාජය තුළ සංවාදයක් ඇති විය යු...

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

Image
කෝපය අපි සෑමදෙනාටම පොදු සංවේදනයකි. නමුත් කෝපය ඇති වූ විට කලයුත්තේ කුමක් දැයි පිළිබඳ අවබෝධයක් නැත. මේ කෝපය පාලනයකරගන්න පුංචි tips ටිකක්.. තමාට දැඩි කෝපයක්‌ ඇතිවු වුට එය පාලනය කර ගැනීමට අසීරු නම් ඔබගේ හොඳම මිතුරා, මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, බිරිය, සැමියා සමග මේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ දරු දැරියන් ඉදිරියේ කෝපය ප්‍රකාශ නොකරන්න. ඔවුන්ගේ පුංචි හිතින් තදින් රිදීමට එය හේතුවක්‌ වනු ඇත. දරුවකුගේ වරදකදී කෝප නොවී කෝපය පාලනය කරමින් වරදා පහදා දෙන්න. දැඩි තරහක්‌ හිතට ආ විට සතුන් නැරඹීම තවත් හොඳ ක්‍රමයක්. ගෙදර මාළු ටැංකියක්‌ ඇත්නම්  එතනට ගොස්‌ මාළුවන් නිරීක්‌ෂණය කරන්න. ඔබට හැකි නම් ගෙදර සාලයේ පොකුනක්‌ ඉදිකරනන්. එවැනි තැනකට ගියවිටද සිත සැනසේ. ඔබේ ගෙදර සතුන්ට කෑම දෙන කෑම අයිනක්‌ ඇත්නම් එම කෑම කන කුරුල්ලන් ලේනුන් හා වෙනත් සතුන් නිරීක්‌ෂණය යන්න. ඔබ ගෙදර සුරතලයට ඇති කරන සතකු සමඟ ඔබේ තරහ ගැන කීමටද පුළුවන. කවදාවත් තරහ සුරතලා මගින් පහ කරන්නට එපා. අහස් නිරීක්‌ෂණය කිරීමද තරහ අඩු කිරීමේ මගකි. සංගීතයට සවන් දීම, රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් සරල ක්‍රියාකාරකමක යෙදෙන්න. එවිට තරහ අඩුවේ. කෝපය ක්‍රමයෙන් වැඩි වන්නට ...

ජීවිත

Image
ඔවුන්ගේ ජීවත්වලට අභියෝග නැත, හෙට දවස ගැන අවිනිශ්චිත බවක් පමණක් ඇත....

සතුට තියෙන්නෙ ඔබ තුළමයි

Image
“සන්තෝෂය ඔබ අනාගතය සඳහා කල් දැමූ දෙයක් නොව, වර්තමානය සඳහා ඔබ නිර්මාණය කරන දෙයක්.” මෙහෙම කියන්නේ ජිම් රොන්. කතාව ඇත්ත නේද? අද සතුටින් ජිවත් නොවී හෙට සතුටින් ඉන්න පුලුවන්ද? සතුටින් ජිවත් වෙන්න අමුතුවෙන්ම කරුණු සෙවීමට අවශ්‍ය නෑ.. සතුට ඇත්තෙන්ම රදා පවතින්නේ තමන් තුලමයි. වැදගත් වෙන්නේ ඒක හොයාගන්න එකයි. ජිවිතේ සිදුවන හැම දෙයක්ම සතුටට හේතුවන දේවල්ම නෙවෙයි. සමහර වෙලාවට සිද්ධවෙන්නේ අපි හීනෙන්වත් නොසිතු දේවල්. සතුටින් සිටීමට ලොකු ලොකු කරුණු හොයන්න ගියොත් අපි එතනම අසාර්ථකයි. පුංචි කරුණකින් සතුටු වෙන්න පුළුවන් නම් ඔබට පුළුවනි හැමදාමත් සතුටින් ඉන්න. fb- like-beg එදිනෙදා ජීවිතයේ සතුට සඳහා ඉඟි : 1) ඔබ දේවල් දෙස බලන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කරන්න. සැමවිටම දීප්තිමත් පැත්ත දෙස බලන්න. නරකට සිද්ධවෙන දේවල් තුලත් පුංචිම හොඳක් හරි ඇති. ඒක හොයාගන්න. 2) සින්දුවක් අහන්න, පොතක් කියවන්න. සංගීතය කියන්නේ හිත නිවන කලාවන්ගෙන් ඉහලින්ම තියන දෙයක්. ඔබේ මුඩ් එක හරි නැත්තනම් ඔබ කැමති විදියේ සින්දුවක් අහන්න. ටික වෙලාවකට ඔබේ ප්‍රශ්න අමතක කරන්න.. පොතක් කියන්නේ ඔබේ ප්‍රශ්න වලින් ටික වෙලාවකට හරි නිදහසක් ලබා දෙන්න පුළුවන්...

සොබාදහම සිර කළේ මිනිසාද ?

Image
පරිසරය නිදහස් වන්නේ කෙසේද යනු සැබැවින්ම නූතනයේ විද්‍යාත්මකව සිතිය යුතු කරුණක් බවට පත්ව තිබේ. එය අතීතයේ මිනිසුන්ගේ ජානගත වූ සංකල්පයක් ලෙස පැවතියද අද අප පරිසරයෙන් වෙන් වූ සත්ත්ව කොටසක් ලෙස ඒ දෙස අමුතුවෙන් බලන තත්ත්වයට පත් වී තිබෙන බැවිනි. සැබැවින්ම පරිසරය නිදහස් වන්නේ හෝ නිදහස් කළ හැක්කේ කෙසේදැයි අප මහවැලි හා පරිසර අමාත්‍යාංශයේත්, ජාතික විද්‍යා පදනමේත්, විද්‍යා හා තාක්ෂණ කොමිසමේත්, තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් කමිටුවේත් අධ්‍යක්ෂධුර දරන මහාචාර්ය ඩබ්ලිව් එල් සුමතිපාල මහතාගෙන් විමසුවෙමු. “අපි දන්නවා පරිසරය හැදෙන්නේ අපි සියල්ලන්ගේ එකතුවෙන් කියලා. පරිසරය තමන්ගේ කොටසක් සහ තමන් පරිසරයේ කොටසක් ලෙස සිතන්න අවශ්‍ය බව පාරිසරික විද්වතුන්, දාර්ශනිකයන් පවසා තිබෙනවා. අපි දකිනවා සතා සීපාවා, ගහකොළ වනාන්තර කිසි කරදරයකින් තොරව සහජීවනයෙන් ජීවත් වන ආකාරය. ආහාර සඳහා සතුන් දඩයම් කර ගැනීම වැනි ඉතාම ස්වාභාවික සිදුවීම් හැර කිසිදු ප්‍රශ්නයක් සතුන් සහ ගහ කොළ අතර නෑ. පරිසර දූෂණය අවමයි. නිදහසට බාධා නෑ. ඒත් මිනිසා කියන සත්ත්ව සාධකය මේ අතරට ආ විට ඔහු බොහෝ සෙයින් උත්සාහ කරන්නේ පරිසරය වෙනස් කරන්නයි. කෘත්‍රිමව තැනු පරිස...

දිනුම

Image
වතුර නැති තැන දුකට හැදුනට පතොක් මල හරි ලස්සනයි දුක දිනන් හිනැහෙනා උන්ගේ ජීවිතත් හරි ලස්සනයි සියොළඟම කටු රිදුම් දුනමුත් දරාගත් කාලය දුරයි උහුලාගෙන දුක නැඟී උන් තැන දිනුම පෙනෙනා ඉම ළඟයි....

වියට්නාමයේ ඉදි වූ රන් පාලම

Image
2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා විස්මිත ස්ථානයකි. වියට්නාම් භාෂාවෙන් ‘කෞ වැන්ග්’ ලෙස ව්‍යවහාර වන්නේ ‘රන් පාලම’ යන අර්ථයයි.  2017 දී ඉදි කිරීම ආරම්භ කළ මෙහි එක් වර්ෂයක් තුල සියලු ඉදි කිරීම් අවසන් කිරීමට හැකි විය. කෞ වැන්ග් පාලම පිහිටා ඇත්තේ වියට්නාමයේ ඩැනෑන්ග් හී ‘බා නා’ නම් කඳුකරයේ ය. මුහුදු මට්ටමින් මීටර් 1414 ක් උසින් පවතින මෙහි පහල සම්පූර්ණයෙන් දර්ශනය වන්නේ කොල පැහැ සාර භූමියකි. කෞ වැන්ග් පාලමේ විශේෂත්වය වන්නේ එම පාලම විසල් අත් දෙකකින් දරා සිටින ලෙස සැකසීමයි. මෙහි නිර්මාතෘ වන්නේ වූ වියට් අන් නම් නිර්මාපකයා ය. පාලම සම්පූර්ණයෙන් ස්වභාවික කිරීම සඳහා ඇවිදින කොටස දෙපස දම් පැහැ මල් වලින් සරසා ඇත. මෙම දැවැන්ත අත් යුග්මය නිර්මාණය කර ඇත්තේ  එම කඳුකරයේ වෙසෙනා දෙවියන් සිහි කිරීමට ය. ඒ අනුව මෙම දෙඅත් ‘දෙවියන්ගේ අත්’ ලෙස වියට්නාම් ජාතිකයන් අදහනු ලබයි. මේ වන විට මෙම ස්ථානය වරකට නැරඹීමට පැමිණෙන පිරිස දහස ඉක්මවයි. මේ ආසන්නයේ සංචාරක ආකර්ෂණය වැඩි කරලනු පිණිස හෝටල්, දේවස්ථාන, මල් වතු හා ඉටි කෞතුකාගාරයක් පවතියි.

අකුණු ගහන විදුලි කොටන කතා පුවත සිත කළඹන

Image
අකුණු ගහනවා දැක ඇති මුත් අකුණෙහි ගැඹුරු කතාව ගැන ඔබ ඇතැම්විට නොදන්නවා වන්නටත් පුළුවනි. වායු ගෝලයේ ඇතිවන විද්‍යුත් විසර්ජනයක් නිසා අකුණු සිදුවන බව සරලම සත්‍යයයි. අකුණු ගැසීමේදී ඇතිවන විදුලි කෙටීම නිසා අකුණක් හදිසියේ ඇති වී නැති වී යන ආලෝකයක් විදියට දිස්වෙයි. බොහෝදුරට අපට අකුණක් සමඟ මහත් ශබ්දයක් ඇසෙයි. අකුණු ගැසීම ඇති වන්නේ වායු ගෝලයෙහි සිදුවන විද්‍යුත් විසර්ජනයක් නිසා බව මුල් වරට ලෝකයට පෙන්වා දුන්නේ බෙන්ජමින් ෆ්රැක්ලීන් විසිනුයි. ඒ වසර 1752දී. වැසි කුණාටු සහිත කාලගුණයක් පවතින විටෙක පොළොව මතුපිට ද වායු ගෝලයෙහිද විද්‍යුත් ස්වභාවය සාමාන්‍යයෙන් පවතිනවාට වඩා වෙනස් වෙනවා. මෙවිට වලාකුළුවල ඇති ධන ආරෝපණය වර්ධනය වී අති විශාල විද්‍යුත් ශක්තියක් රැස් කරගන්නවා. වලාකුළුවල ඇති ආරෝපණය හේතුවෙන් පොළොව මතුපිටද ආරෝපණයක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී ඒ ආරෝපණ දෙක අතර ඇති වාතයේ පරිවරණ ශක්තිය බිඳ වැටීමෙන් ඒවා අතර විද්‍යුත් විසර්ජනයක් ඇති කරනවා. මෙහිදී විශාල ගිනි දලුවක් නිකුත් වෙනවා. ක්ෂණික දීප්තිමත් ආලෝකයක් විදියට අප දකින්නේ එයයි. විදුලි කෙටීමක් විදියට අප හඳුන්වන්නේ මේ සංසිද්ධියයි. විදුලි සැරය ගමන් කරන මාර්ගය ඔස...

කොටස් අහිමි පිළිම නෙළන අපූරු මිනිසා

Image
ලෝකයේ බෲනෝ කැටලානෝ පිළිගනුයේ අපූරු ප‍්‍රතිමා නෙළන  මූර්ති ශිල්පියෙකු ලෙසයි. මොහු උපතින් ප‍්‍රංශ ජාතිකයෙකි. බෲනෝ මෙතෙක් නෙලූ පිලිම තුළ අපූර්වත්වයක් ඇත. ඒ එම පිළිම තුළ අත්‍යවශ්‍ය කොටස් අහිමි වීම හේතුවෙනි. බෲනෝගේ කුඩා කාලය ගෙවී ගොස් ඇත්තේ මොරොක්කෝවේ ය. සිසිලි ජාතික පවුලක තෙවන එහෙත් අවසන් දරුවා ලෙස මොහු උපත ලැබී ය. 1970 දී කැටලානෝ පවුල මොරෙක්කෝවෙන් නික්මී ප‍්‍රංශය බලා ගිය හ. 1982 දී බෲනෝ නාවිකයෙකු ලෙස සේවය කිරීම ආරම්භ කළ අතර 1986  දී ඔහු එම වෘත්තිය අත් හළේ ය. ඉන් අනතුරුව ඔහු ස්ව කැමැත්තෙන් ප‍්‍රතිමා නෙළීම ආරම්භ කළේ ය. 2004 දී ඔහු විසින් නෙළූ 'සයිරානෝගේ ප‍්‍රතිමාව' තුළ ලයක් නොවිණ. කෙසේවෙතත් එය ලොවේ ඉමහත් ජනාදරයට පත්වීමට ගත වූයේ ඉතා කෙටිකලකි. 2013 සැප්තැම්බරයේ  දී ඔහු විසින් මාර්සේල්ස් හි මේ ආකාරයේ ම අමුතු ප‍්‍රතිමා 10 ක් නෙළීය. ලොවේ අන් නොවූ විරූ ප්‍රතිමා නෙලීමේ නියැලෙන කැටලානෝ මේ වන විට ලෝකඩ මගින් අමුතු ප‍්‍රතිමා නෙලීම සිදු කරමින් ප්‍රංශයේ ජීවත්වේ.

ජපානයේ අරුම පුදුම රෝල් කෝස්ටර් පාලම

Image
ජපානයේ අරුම පුදුම එෂිමා ඔහාෂි පාලම යනු ජපානයේ සංචාරය කර ඇති ඕනෑම කෙනෙකු මැනවින් හඳුනන මහා මාර්ගයකි. සාමාන්‍යයෙන් මහා මාර්ගයක් සාදනුයේ  ගමනාගමනය පහසු කිරීමට වුව ද  මේ මාර්ගයේ ගමන් කිරීම නම් එතරම් පහසු නැත.  මේ ඒ අරුම පුදුම මාවතේ රස බර තොරතුරු ය. මෙම ඔහාෂි පාලම හඳුන්වන අපූරු නමක් ඇත. ඒ ‘Roller Coaster Bridge’ යන නාමයයි. මන්ද මෙහි වාහනයකින් ගමන්කිරීම සැබැවින් ම රෝල් කෝස්ටර් එකක් මත නැඟී යනවා හා සමාන බැවිනි. මෙහි උස පමණක් කිලෝමීටර් 1.5 කි. මාර්ගයේ ආනත තලය පොළවට ලම්බක වේ. මේ අපූරු මාර්ගය නිමවූයේ ඩයිට්සු ජපන් වාහන නිෂ්පාදකයින් විසින් ප්‍රවර්ධනය කළ ටැන්ටෝ නම් දිගු වාහනය ප්‍රචාරණය කිරීම සඳහා සැකසූ  පසුතලයක් ලෙසයි.  ප්‍රචාරණයෙන් අනතුරුව  වාහනය පසෙකලා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගනු ලැබුවේ මෙම මහා මාර්ගයයි. ඒ අනුව සංචාරකයන් පවා වැල නොකැඩී පැමිණි අතර  ඔවුන් සඳහා විශේෂ පහසුකම් සැළසීමට අවට ප්‍රදේශ වල‍ට සිදුවිය. මේ වන විට එම මාර්ගය යථාර්ථයක් වී ඇති අතර සංචාරකයන් හට අවට දර්ශන බැලීම සඳහා  ඇවිදීම‍ට සුදුසු කොටසක් ද නිමා කර ඇත.  උපුටා ගැනීම ලක්බි...

කොළඹට නම දුන් කොළ අඹ ගස

Image
කොළඹ ශි‍්‍ර ලංකාවේ වාණිජ අගනගරය වුවද එහි අතිශය පැරණි ඉතිහාසය ගැන තොරතුරු සොයාගැනීම උගටහය. එනාසාම කොළඹ යන වචනයේ උපත සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුැර නැත.බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන සඳහන් තොරතුරුවල කොළඹට නුදුරෙන් වූ කැළණිය ගැන සඳහන් වුවද කොළඹ ගැන සඳහන් නොවේ.එකල කොළඹ ප‍්‍රදේශය ජන ශුන්‍ය ප‍්‍රදේශයක් වන්නට ඇති බව සිතිය හැකිය. කොළඹ ගැන සඳහන්ව ඇති පැරණිම වාර්තාව කි‍්‍ර.ව.1330 තරම් ඈත අතීතයට අයත්ය.එම වසරේදි මෙරටට පැමිණි චීන ජාතිකයකු වූ ච- චෑන්- ටා -යූ වොන් ඔහුගේ ගමන් වාර්තාවල කා ඕ- ලන් -පූ ලෙස සඳහන් කර තිබේ.මෙහි කා ඕ -ලන් -පූ යනු කොළඹ ප‍්‍රදේශය බව විශ්වාස කෙරේ.චීන භාෂාවෙන් කා ඕ- ලන් -පූ යනු නිසරු පහත් බිමට යෙදෙන නමකි. මේ ඓතිහාසික වාර්තාවලින් පසු කොළඹ ගැන පිළිගත් තොරතුරු වාර්තා වන්නේ රොබට් නොක්ස් ගේ ලංකාව පිළිබඳ සටහන්වලය.කොළඹ වදනේ පුනරුක්තිය ගැන දීර්ග විස්තරයක් කරන රොබට් නොක්ස් මෙසේ සඳහන් කරයි. ”කොළඹ නගරයට බටහිර දිග්භාගයේ ස්වදේශිකයන් අඹ ගස නමින් හඳුන්වන ගසක් තිබේ.අඹ ගසේ සාමාන්‍යයෙන් අඹ ඵල හට ගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස ”කොළ- අඹ ” යන නමින් හැඳින් වූ අතර කි‍්‍...

"බල්ලන්ගේ සොහොන" ශ්‍රී ලංකාවේ ඒ අද්භූත ස්ථානය ගැන දන්නවාද ?

Image
බල්ලන්ට බලල්ලුන්ට ආදරේ කරන අය ලෝකෙ ඕන තරං ඉන්නවා.සමහරු පනටත් වඩා තමන්ගෙ හුරතලාට ආදරෙයි.එහෙම මිනිස්සු ලෝකෙ ඉන්නෙ අදක ඊයෙකෙ ඉඳලා නෙමෙයි.මේ වගේ ආදර නටඹුන් ලෝකෙ ඉතිහාසෙ සමහර තැන්වල තියෙනවා. ඒව අද වෙන කොට ලෝක ප්‍රකට වෙලා,මිනිස්සු බලන්න එන යන තැන් වෙලා. ඒ වගේම මිනිස්සු සත්තුන්ට සලකන්නෙ ආදරේ නිසාම නෙමෙයි. ඇත්තටම සමහර විට මේ සත්තු මිනිස්සුන්ට සේවය කරනවා.සමහර විට ඒ සේවය කරනවාය කියන වචනෙ ඒ සේවයට නොතරම් වෙන්න පුලුවන් .ඒ නිසා අපි කියන්නෙ ඒක සේවය කිරීමක්ම නෙමෙයි. මේ සත්තු අපිට කරන්න බැරි හරිය කරලා දෙනවා.ඒකයි ඇත්තම කතාව. මේක අපි හිතන විදියට එහෙම සිදුවීමකට නෑදෑකම් කියන කතාවක්. හැබැයි මේක මේ සත්තු ගැන කතාවක් නං නෙමේ.සත්තුන්ට අදාළ වෙනමම කතාවක්. මේ කතාවෙ ඉතිහාසය අවුරුදු තුන්සිය අනූහතක් විතර පරණයි.වෙන විදියකට කියනවා නම් මේ ස්ථානය නිර්මාණය වෙලා තියෙන්නෙ එක්දහස් නමසිය හතලිස් තුනේ.එහෙම කිව්වම ඔබට තේරෙනවා මේ කියන්න යන්නෙ යටත් විජිත කාළෙ කතාවක් ය කියලා. "ඔව්, ඇත්තටම මේක යටත් විජිත අතීතියක කතාවක් තමයි...." යටත් විජිත කිව්වම මේ කියන්නෙ එක්දහස් හයසිය විසිතුන නම් පෘතුගීසි යුගය. කතාවක්.මේ ඉතිහාසයේ නිශ්...

හිමාලයේ ඇතැයි කියන මොකක්ද මේ ඡද්දන්තය

Image
හිමාලය පර්වතයෙහි පිහිටි දිගින්ද පළලින්ද ගැඹුරින්ද පනස් යොදුන් ඇති අනවතප්තය, කර්ණමුණ්ඩිය, රථකාර්ය, ඡද්දන්තය, කුණාලය, මන්දාකිණිය, සිංහ ප්‍රතාපය යන විල් සතින් සිවුවැන්න නම් 'ඡද්දන්ත' යැයි කියැවේ. මේ විල් මැද ‍ෙදාළොස් යොදුන් පමණ ජලය ඉඳුනිල් මිණි රැසක් බඳුය. එහි සෙවෙල් ආදී යමක් නැත. ඒ ජලය සිසාරා යොදුන් යොදුන් පමණ පුළුල ඇති හෙල්මැලි වනය, නිල්මහනෙල් වනය, රත්මහනෙල් වනය, සුදු මහනෙල් වනය, රත් පියුම් වනය, සුදු පියුම් වනය, ඇඹුල වනය යැයි සත් වනයක් පිළිවෙළින් පිහිටියේය. මේ සත් වනය සිසාරා තවත් යොදුන් යොදුන් පමණ පුළුල් දස වනයකි. එයට ඉක්බිතිව එකිනෙක සිසාරා පිහිටි තවත් වන රැසක් වෙයි. ඉන් අවසන්ව පිහිටි හුණ වනය සිසාරා පර්වත සතක් ඇත. ඒ පර්වතයන්ගේ පිට දිශාවෙහි පටන් පළමු පර්වතය චුල්ලකාලී නම්ය. යොදුනක් උස ඇත. දෙවැනි පර්වතය මහාකාල නම්ය. දෙයොදුනක් උසය. තෙවැනි පර්වතය උදක් පාර්ශ්ව නම්ය. තුන්යොදුන් උසය. සිවු වැනි පර්වතය චන්ද්‍රපාර්ශ්ව නම්ය. සතර යොදුන් උසය. පස්වැනි පර්වතය සූර්ය පාර්ශ්ව නම්ය. පස් යොදුන් උස ඇත. සවැනි පර්වතය මණි පාර්ශ්ව නම්ය. සයොදුන් උසය. සත් වැනි වූ සත්යොදුන් උස ඇති ස්වර්ණ පාර්ශ්ව නම්...

කාන්තා කෝච්චි පෙට්ටියේ නෑසුන කතන්දර

Image
කාන්තා මැදිරියේ සීට් එකක් දෙන්නවත් කවුරුත් නෑ     කාන්තා මැදිරියට ගොඩ වූ ගැබිනි කතකට කවුරුත්ම සීට් එකක් දීලා නැහැ. කාන්තාවන් පිරිසක් ඒ අම්මට කියලා තියෙනවා ‘බබා ලැබෙන්න ඉන්න හින්දා එක්සසයිස් එකටත් එක්ක හිටගෙන යන්න‘ කියලා.     කාන්තාවන් වැඩිදෙනා නගින්නේ අනෙක් මැදිරිවලට     පැසසුම් වගේම චෝදනාත් එල්ල වෙනවා ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් උදෙසා විශේෂ වැඩ සටහන් රැසක් ශ්‍රී ලංකාව පුරා ද ක්‍රියාත්මක විය. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කාගේත් අවධානය යොමුවූයේ ප්‍රධාන කාර්යාල දුම්රිය හතක කාන්තාවන් වෙනුවෙන් එක් කාන්තා මැදිරියක් බැගින් වෙන් කිරීමයි. කාන්තා දුම්රිය මැදිරි වෙන් කිරීම ඇරැඹීමේ ඉතිහාසය අදින් වසර ගණනක් ඈතට දිව ගිය ද කල් යත්ම එය ක්‍රමයෙන් අභාවයට ගොස් ඇත. එහෙත් අදටත් සමුද්‍රදේවී දුම්රියේ එක් මැදිරියක් වසර ගණනක සිටම කාන්තාවන් වෙනුවෙන් වෙන්ව පවතී. එහෙත් අනෙක් ප්‍රධාන කාර්යාල දුම්රියන් හි එලෙස වෙන් කොට නැත.‍ පොදු ප්‍රවාහන සේවයේ යෝධයා ‍වන දුම්රිය සේවය එලෙස නව මුහුණුවරකින් කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කිරීමේ සද්කාර්යය පිළිබඳ ස...

කඳුළු

Image
හිස් කඩදාසිය පිරෙන්න දුක ලියපු අය දුක දරාගත්තේ කඩදාසියට වැටුණු කඳුළුවල බරට දියවෙච්ච බොඳ වුණු අකුරු දැකලා                                              ✍️✍️චතූ

පාළුයි මට අම්මේ

Image
රස මසවුළු නැති සුවබර නිදි නැති බෝඩිම් කාමරයේ අම්මේ නිතරම අඩුව දැනෙනවා නුඹ දුන් ආදරයේ බදා ඉඹින්නට කතා කියන්නට තනි වුණු රෑ යාමේ ඇමතුමකින්වත් හිත සනසාගමි පාළුයි මට අම්මේ....