ජපානයේ අරුම පුදුම රෝල් කෝස්ටර් පාලම

ජපානයේ අරුම පුදුම එෂිමා ඔහාෂි පාලම යනු ජපානයේ සංචාරය කර ඇති ඕනෑම කෙනෙකු මැනවින් හඳුනන මහා මාර්ගයකි. සාමාන්‍යයෙන් මහා මාර්ගයක් සාදනුයේ  ගමනාගමනය පහසු කිරීමට වුව ද  මේ මාර්ගයේ ගමන් කිරීම නම් එතරම් පහසු නැත.  මේ ඒ අරුම පුදුම මාවතේ රස බර තොරතුරු ය.

මෙම ඔහාෂි පාලම හඳුන්වන අපූරු නමක් ඇත. ඒ ‘Roller Coaster Bridge’ යන නාමයයි. මන්ද මෙහි වාහනයකින් ගමන්කිරීම සැබැවින් ම රෝල් කෝස්ටර් එකක් මත නැඟී යනවා හා සමාන බැවිනි. මෙහි උස පමණක් කිලෝමීටර් 1.5 කි. මාර්ගයේ ආනත තලය පොළවට ලම්බක වේ.

මේ අපූරු මාර්ගය නිමවූයේ ඩයිට්සු ජපන් වාහන නිෂ්පාදකයින් විසින් ප්‍රවර්ධනය කළ ටැන්ටෝ නම් දිගු වාහනය ප්‍රචාරණය කිරීම සඳහා සැකසූ  පසුතලයක් ලෙසයි.  ප්‍රචාරණයෙන් අනතුරුව  වාහනය පසෙකලා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගනු ලැබුවේ මෙම මහා මාර්ගයයි. ඒ අනුව සංචාරකයන් පවා වැල නොකැඩී පැමිණි අතර  ඔවුන් සඳහා විශේෂ පහසුකම් සැළසීමට අවට ප්‍රදේශ වල‍ට සිදුවිය.

මේ වන විට එම මාර්ගය යථාර්ථයක් වී ඇති අතර සංචාරකයන් හට අවට දර්ශන බැලීම සඳහා  ඇවිදීම‍ට සුදුසු කොටසක් ද නිමා කර ඇත. 

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය