පෞද්ගලික සළුපිළි ප්‍රසිද්ධියේ ගළවන සමාජ මාධ්‍යය
ඔබේ නග්න වීඩියෝවක් සමාජ ජාලයේ පළවීමට පෙර.. ලංකාවේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සලකා බැලීමේ දී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි වැඩි පංගුවක් තරුණ ජනයා අත පැවතීමයි. විශේෂයෙන්ම තරුණ හා ශිෂ්‍ය ප්‍රජාව අතර තොරතුරු හා සම්බන්ධතා හුවමාරු වන ප්‍රධාන මාධ්‍යය බවට සමාජ මාධ්‍ය ජාලා පත්ව තිබේ. අන්තර්ජාලයේ සැරිසරන්නෝ අන් කවරදාකටත් වඩා සිය පෞද්ගලික ජීවිත මේ සමාජ මාධ්‍යවල දිගහරිති. පෞද්ගලික සළුපිළි ප්‍රසිද්ධියේ ගලවා නිරුවත් කරති. මතෛක් නෑ-හිත මිතුරන්, පවුලේ අය හෝ දන්නා කියන අය සමග කළ ගනුදෙනු නොදන්නවුන් සමග ද කරති. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා වැඩිවන තරමට වඩ වඩාත් ළං වෙතැයි අපේක්ෂා කළ සම්බන්ධතා ඒ හරහා වැඩි වැඩියෙන් ඈත් වීමය. දැන් ඉතිරිව ඇත්තේ මානසික රෝගී තත්ත්ව හා ඇබ්බැහිකම් පමණි. මෙය උපකරණයක් වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල අඩුවක් නොවේ. එය පාවිච්චි කිරීමේ ක්‍රමය හා සදාචාරය නොතිබිමේ ඛිෙදවාචකයකි. පාන් කපන්නට ගත් පිහියෙන් බෙල්ල කපා ගැනීමේ පූර්වාදර්ශයකි. මේ සාකච්ඡාව අප මතු කරන්නේ අහම්බයක් නිසා නොවේ. පසුගිය ගංවතුර සමයේ සුළි සුළඟක් සේ හමාගිය අන්තර්ජාල වීඩියෝ දර්ශන හා සමාජ ජාලා අදහස් ඔස්සේ ජන මනස නිරුවත් කළ ...