කොටි පැටික්කිටත් අයියෙක්

හිටියනම් මටත් අයියෙක්
තිබුණා කියන්නට මටත්
අම්මට ගොඩක් කේළම්
ලුනුත් එක්කම රසකරලා

උන්නනම් අයියෙක් තිබුණා 
තුරුල් වෙලා අඬන්න
රිදෙද්දී ගොඩක් 
සනසයි මාව සත්තයි

ගොම්මන් අඳුර වැටුණම
ගෙදර ඇවිත් නැත්තම්
මඟෙ අයියත් ඒවිනේ 
මාව හොයන් මහ මඟටම

උඹ කෙල්ලෙක් 
පරක්කු වෙන්න එපා
කියාවි නේද
රිදෙන්න ටොක්කක් ඇනලා

අහිමි මට මේ භවයේ  
ඔබෙ උණුහුම මඟේ අයියේ
පතන්නෙමි මතු භවයේ 
මේ කොටි පැටික්කිටත් අයියෙක්.....






Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය