හමුවීම



නෙතු දැහැනෙ පැටලිච්ච
පපු ගැඹුරෙ සිරවෙච්ච
මතකයේ දැවටිච්ච
සිත්තමයි මට ඔයා

සෝ සුසුම් ඇවිලෙච්ච
කඳලු බිඳු විසිරෙච්ච
සිනා කැන් පා වෙච්ච
හුස්ම ටික මට ඔයා

ආදරේ හැංඟිච්ච
සුසුමකින් වෙන්වෙච්ච
ජීවිතේ ළංවෙච්ච
සැනසුමයි මට ඔයා
                                      ✍️✍️චතූ


Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය