පෞද්ගලික සළුපිළි ප්‍රසිද්ධියේ ගළවන සමාජ මාධ්‍යය
ඔබේ නග්න වීඩියෝවක් සමාජ ජාලයේ පළවීමට පෙර..
ලංකාවේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ සලකා බැලීමේ දී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි වැඩි පංගුවක් තරුණ ජනයා අත පැවතීමයි. විශේෂයෙන්ම තරුණ හා ශිෂ්‍ය ප්‍රජාව අතර තොරතුරු හා සම්බන්ධතා හුවමාරු වන ප්‍රධාන මාධ්‍යය බවට සමාජ මාධ්‍ය ජාලා පත්ව තිබේ. අන්තර්ජාලයේ සැරිසරන්නෝ අන් කවරදාකටත් වඩා සිය පෞද්ගලික ජීවිත මේ සමාජ මාධ්‍යවල දිගහරිති. පෞද්ගලික සළුපිළි ප්‍රසිද්ධියේ ගලවා නිරුවත් කරති. මතෛක් නෑ-හිත මිතුරන්, පවුලේ අය හෝ දන්නා කියන අය සමග කළ ගනුදෙනු නොදන්නවුන් සමග ද කරති. අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා වැඩිවන තරමට වඩ වඩාත් ළං වෙතැයි අපේක්ෂා කළ සම්බන්ධතා ඒ හරහා වැඩි වැඩියෙන් ඈත් වීමය. දැන් ඉතිරිව ඇත්තේ මානසික රෝගී තත්ත්ව හා ඇබ්බැහිකම් පමණි. මෙය උපකරණයක් වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල අඩුවක් නොවේ. එය පාවිච්චි කිරීමේ ක්‍රමය හා සදාචාරය නොතිබිමේ ඛිෙදවාචකයකි. පාන් කපන්නට ගත් පිහියෙන් බෙල්ල කපා ගැනීමේ පූර්වාදර්ශයකි.
මේ සාකච්ඡාව අප මතු කරන්නේ අහම්බයක් නිසා නොවේ. පසුගිය ගංවතුර සමයේ සුළි සුළඟක් සේ හමාගිය අන්තර්ජාල වීඩියෝ දර්ශන හා සමාජ ජාලා අදහස් ඔස්සේ ජන මනස නිරුවත් කළ නිසාය. නව යොවුන්, පාසල් දරුවන් සමග කළ සාකච්ඡාවල දී පෙනී ගියේ ප්‍රකට පුද්ගලයන් පාදක කරගත් ලිංගික හා නිරුවත් සන්නිවේදන ඔවුන් මහත් අභිරුචියෙන් හා උත්කර්ෂයෙන් බෙදා හදා ගන්නා බවය. මේ කුප්‍රකට වීඩියෝ හා එබඳු අවරගණයේ සිද්ධීන් හෝ ඡායාරූපවල සත්‍ය අසත්‍යතාව විමසීම අපේ අරමුණ නොවේ. අප අදහස් කරන්නේ මේ බෙදාහදා ගැනීමේ මානසිකත්වය හා ඒවා පිළිබඳ කෙරෙන අන්තර්ජාල සාකච්ඡා සමාජය රැගෙන යන තැන පිළිබඳ විමසා බැලීමය.
ඔබ අප කවුරුත් දන්නා පරිදි සමාජ මාධ්‍ය ජාලාවල ඇති යහපත් ලක්ෂණයක් වන්නේ ස්වකීය අනන්‍යතාව අවශ්‍ය නම් සඟවා ගැනීමේ අවකාශයක් නිර්මාණය කිරීමයි. මා එය ‘යහපත්’ යැයි කීවේ මාධ්‍යකරණය පැත්තෙන් බලා අවශ්‍ය නම් ස්වකීය ආරක්ෂාව තහවුරු කරගෙන සමාජයට යහපත් තොරතුරක් සම්ප්‍රේෂණය කිරීමේ ඉඩකඩ සලකා බලාය. එහෙත් දැන් සිදුව ඇති අනෙක් පැත්ත අතිශය භයානකය. එය මිනිස් ජීවිතවලට තර්ජනය කරමින්, බිය වද්දමින් ආතතියේ සිට විශාදය දක්වා ජීවිත තල්ලු කර සියදිවි නසා ගැනීමට පවා පොලඹවා තිබේ. එහෙත් එබඳු දුර්ගුණ සමාජ ජාලාවල වපුරන්නෝ ජුගුප්සාජනක තෘප්තියක් ලබති. මොවුන් මහත් රුචියෙන් අනුභව කරන්නේ ‘අනුන්ගේ ඕපාදූප’ හා පෞද්ගලික ජීවිත බව සැබෑය. ප්‍රකට පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය හෝ විශේෂයෙන් නළු නිළි, ක්‍රීඩක ක්‍රීඩිකා, නර්තන ශිල්පීන් ආදීන් මේ අතර ප්‍රමුඛය. ක්ෂණිකව බෙදා හදා ගන්නා මාධ්‍ය පින්තූර අතර ලිංගිකත්වය හා සබැඳි ප්රවෘත්ති පියාපත් ලබන්නේ මේ ග්‍රාහකයින් විඳින කුණු රසය නිසාය. නැති වූ රත්තරං බඩුවක් සොයන්නා සේ අදාළ වීඩියෝ දර්ශන හෝ පින්තූර ලබා ගත නොහැකි වූ අය අන්තර්ජාල පිරික්සමින් සෙවූ ආකාරය දකින විට ඔවුන් කෙතරම් අසහනයෙන් පසුවන්නට ඇත්දැයි සබුද්ධික ඕනෑම අයකුට පහසුවෙන් වටහා ගත හැක.
එහෙත් එබඳු විවේචනයක් එල්ල කළ විට ඔවුන්ගේ පිළිතුර වන්නේ ‘නිකං ජොලියට’ යන්නයි. සැබැවින්ම එය සැබෑවකි. මේ අවරගණයේ භාවිතයන්ට ඇබ්බැහි වී කාලය ගත කරමින් අන් අයට හානි කරන බොහෝ දෙනකුට, තව කෙනකුට හානියක් කිරීමේ ච්ෙතනාවක් නැත. එක් අතකින් අපේ අධ්‍යාපනය ඔවුන්ව ගෙන ගොස් ඇති රසවින්දනයේ පරාසය මෙයයි. තවත් අතකින් මේ කුළුගන්වා ඇත්තේ ඔවුන්ගේ යටි සිතේ ඇති අසංස්කෘතික ස්වභාවයයි.
අද සමාජ මාධ්‍ය ජාලා යනු අතිශය පෞද්ගලික දේවල් පහසුවෙන් පොදු බවට පත්වන ස්ථානයයි. එය පවුලේ හෝ තමා දන්නා කියන අයගේ සීමාව ඉක්මවා තිබේ. ධනාත්මක සන්නිවේදන මෙවලමක් වීමට තිබූ ඉඩකඩ ඵලදායී හා ආරක්ෂිත ලෙස භාවිත කිරීමට නොදැනීමෙන් පිළිලයක් බවට පත් කරගෙන තිබේ. විශේෂයෙන්ම පෞරුෂ ඌනතාවන්ගෙන් හා අක්රමිකතාවන්ගෙන් පෙළෙන අයට මෙය කදිම තෝතැන්නකි. සමාජය ඉදිරියට පැමිණ නිරෝගී සබඳතා පැවැත්වීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි අයකුට ප්‍රමාණවත් ලෙස සැඟවීමට මේ ජාලයේ ඉඩකඩ තිබේ. ඉදින්, එහි සැඟව සිට තමන්ගේ සියලු ප්‍රකාශන පොදු බවට පත් කරති. සළුපිළි උනති. මේ අතරින් බොහෝ දෙනා රසවිඳින්නේ එකී සිද්ධිය අරභයා ගොඩ නැගෙන අදහස්ය. වෙනත් වැඩකට හදිසියට අන්තර්ජාලයට ගිය අය පවා යටින් යටට යමින් ඒවා රසවිඳිමින් කාලය කා දමති. එතරම් ඉහළ ඇබ්බැහිවීමේ අවදානමක් එහි තිබේ. එය පෞද්ගලික හා ආයතනික ඵලදායිතාවට ද අභියෝගයකි. එනිසා රාජකාරි ආයතන තුළ බොහෝ විට සමාජ මාධ්‍ය භාවිතය වළකා හෝ තහනම් කර තිබෙනු දැකිය හැක. පවත්නා තාක්ෂණයම භාවිත කරමින් තහනම් කිරීම මේ යුගයේ මෙබඳු ගැටලුවලට තිරසර විසඳුමක් නොවේ. වඩාත් වැදගත් වනු ඇත්තේ ‘ආචාර ධාර්මික’ තත්ත්වයක් නිර්මාණය කිරීමයි.
යහපත් මිනිසුන් සොරකම් නොරකන්නේ හුදෙක් නීතියට ඇති බිය නිසා නොවේ. එය යහපත් පැවැත්මේම කොටසකි. ජංගම දුරකථන හෝ එබඳු බොහෝ තාක්ෂණික මෙවලම් සමග පැමිණිය යුතු ආචාර ධර්ම අපේ රටවල්වලට ආවේම නැති තරම්ය. අපට ලැබුණේ යන්ත්‍ර-සූත්‍ර, උපකරණ හා සම්බන්ධතා පමණි. අති බහුතර ජනතාවක් පෙළෙමින් සිටින ව්‍යාධිය ඒවා පරිහරණය කිරීමට නොදන්නාකමින් හට ගත්තකි. අන්තර්ජාලයේ සම්බන්ධතා පිළිබඳ විධිමත් ආචාර ධර්ම පද්ධතියකට යෑම පරිහරණය කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන වගකීමකි. සමාජ මාධ්‍යවල සාකච්ඡා හා අදහස් හුවමාරු කිරීමේ දී දන්නා කියන මුහුණට මුහුණ හමුවන හෝ නිල ලත් අය සමග පමණක් සන්නිවේදනය කිරීම වැදගත්ය. නොදන්නා අය වැද්ද නොගැනීම ආරක්ෂිත පියවරකි. එමෙන්ම තාක්ෂණික වශයෙන් උපරිම පුද්ගලික ආරක්ෂාව සැලසෙන ලෙසට සිය සැකැස්ම සලසා ගැනීම ද වැදගත්ය. එහෙත් මේ සියල්ලටම වඩා බෙදාහදා ගන්නා දේ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.
ඉලෙක්ටේරානික සබඳතා එතරම් ආරක්ෂිත නොවන බව හැම කෙනකුම දැනගත යුතුය. එබැවින් ඒවායේ බෙදා හදා ගන්නා දේ පිළිබඳ වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතා බැලීම උචිතය. මානව සබඳතා බිඳ වැටීම, හිත් රිදවීම් සිදුවීම, කලක දී අතිශය සමීපතමයන් වූ අය තවත් කලක දී පසමිතුරන් වීම අමුතු දෙයක් නොවේ. කොහොමටත් සියලු බිත්තර එක මල්ලේ දමා ගැනීම අනාරක්ෂිත බව ගැමියන් ද දන්නා දෙයකි. මේ සමාජ මාධ්‍යවල සැරිසරන තරුණ නාගරිකයෝ වෙසෙසින්ම මෙය නොදැන වීඩියෝ පින්තූර හා විටෙක මුළු ජීවිතයම හුවමාරු කර ගනිති.
මුහුණු පොතට ඇතුළු වන ඇතැමුන්ගේ ෙදෙනික ඡායාරූප හා වීඩියෝ චර්යාවන් පුදුම සහගතය. ඔවුහු කඩේට ගියත්, කෑම කෑවත්, නෑවත්, අලුතෙන් ඇඳුමක් ගත්තත්, දත් මැද්දත්, කොටින්ම මොන දේ කළත් එය සමාජ මාධ්‍ය හරහා සන්නිවේදනය කරති. ඇතැම් විට වක්‍රව මේ හා සම්බන්ධ වන හෝ මේ ඡායාරූප ආදිය දකින මානසික අබ්බගාතයෝ ද සිටිති. එක් අතකින් පින්තූර හෝ වීඩියෝ මොහොතින් මොහොත එල්ලන පෞරුෂ ව්‍යාධිකාරයන් තරමටම හෝ ඊටත් වැඩියෙන් මුග්ධ නරඹන්නෝ සිටිති.
මේ දෙපිරිස මුහුණට මුහුණ හමුවන්නේ සමාජ මාධ්‍ය ජාලයකින් පමණ නම් බොහෝ විට කෙළවර වනු ඇත්තේ ඛිෙදවාචකවලට ආරාධනා කිරීමෙනි. සෙල්ෆි හෙවත් තමා විසින් තමාගේ ඡායාරූප ගැනීමේ හා එය රසවිඳීමේ ඇති මූලික මානසික ක්‍රියාකාරකම රෝගයක් දක්වා දුර ගිය එකකි. තමාගේ හඬ තමාට ඇසීමෙන් හෝ තමාගේ රූපය තමාම දැකීමෙන් ස්වයං වින්දනයට පත්වීමේ මානසික හිස් බව මේ මොහොතේ සමාජය තුළ මුහුකුරා ගොස් තිබේ. සෙල්ෆි එන්නේ දන්නා කියන අය එය ව්‍යාපාරයක් කර ගැනීම හරහාය.
අජිත් ජයවර්ධන වෘත්තීය, අධ්‍යාපන හා මනෝවිද්‍යා උපදේශක

ඈත දවසක දී ගුවන්විදුලියට තැපැල්පතක් එවා අසන්නන්ගේ ඉල්ලීම් තීරයේ තමාගේ නම ඇසුණු විට ලැබුණු වින්දනයේම දිගුවක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. ගුවන්විදුලියේ, රූපවාහිනියේ හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක තමා දැකීම අතැමෙකුට සීමාව ඉක්මවූ ස්වයං වින්දනයක් ගෙනෙන්නකි. ඒ අවකාශයේ අඩුව පුරවා ගැනීමට සෙල්ෆි ගැසීමේ වසංගතය ඔබට දැන් ඕනෑම තැනක දැකිය හැක. එය තාක්ෂණික දියුණුවකට වඩා මානසික දුර්භාවිතය නිරූපණය කරන්නකි. එහෙත් එය ඉතා අහිංසක මට්ටමේ පවතින තාක් හොඳය. ගැටලුව නිර්මාණය වන්නේ මෙබඳු අවස්ථා සමාජගත වීම හරහාය. දැන් සිදුව ඇත්තේ එයයි. එය පොදු සාදයක සිට නිදන කාමරය හෝ නාන කාමරය දක්වාම පැමිණ තිබේ. ඉස්සර ගමේ පොදු ළිඳ ළඟ චීත්ත ඇඳගෙන රෙදි සේදූ අය දැන් එම කටයුතු සමාජ මාධ්‍යවල නොපිරිහෙලා ඉටු කරති.
සයිබර් අවකාශයේ එකිනෙකා බාල්දු කිරීමත්, කා කොටා ගැනීමත් සුලබ නමුත් භයානක එය නොවේ. මේ හරහා විනාශ කරන කාලය හෝ ඉන් සිදුවන ආර්ථික අලාභය ද අමතක කළ හැකිය. වැඩිහිටියන් මෙයට ඇබ්බැහි වී විවිධ මානසික දුර්භාවිතයක් දැක්වුවත් එය දරාගත හැකිය. අප සියලුම දෙනාට අමතක කළ නොහැක්කේත්, දරාගැනීමට නොහැකි වන්නේත් මේ හරහා බාල වයස්කාර දරුවන්ට සිදුවන හානිය ය. එක් අතකින් මේ සම්බන්ධයෙන් පවත්නා නීති මැනවින් ක්‍රියාත්මක නොවේ. තවත් අතකින් ඇතැම් කරුණු අරභයා නීති ප්‍රමාණවත් නැත. මේ සියල්ලටම වඩා ඇතැම් වැඩිහිටියකුගේ අනුදැනුම ඇතිව ද දරුවෝ සමාජ මාධ්‍යවල සැරි සරති. අතැමෙක් නිවැරැදි දැනුම කියා අදහන්නේ මුහුණු පොතෙන් උකහා ගත් කරුණුය. පොතපත හෝ අධ්‍යාපනික ප්‍රවේශ වෙනුවට ඔවුනට ඇති එකම සිල්ලර දැනුම කඩය සමාජ මාධ්‍යයය. නොදත් දෙය දැන ගැනීම සඳහා ද වඩාත් විශිෂ්ට මානව සන්නිවේදන හෝ විනෝදාත්මක උපකරණයක් ලෙස ද එය භාවිත කළ හැකිව තිබිණ. එහෙත් අද වැඩි වශයෙන් එය නතු කරගෙන ඇත්තේ අප පෙර කියූ මානසික අබ්බගාතයන්ය. ඔවුන් විනාශ කරමින් සිටින්නේ රටේ අනාගත පරපුරය. මේ පරපුර නොදැනුවත්කමින්ම මිථ්‍යාව හා විනාශය කරා ගමන් කරමින් සිටිති. එය ඔවුන්ට තාවකාලික ආස්වාදය හා වින්දනය සපයයි. ඔවුන් ඉදිරියේ මානව සබඳතා අතිශය සරල හා කුහක ඒවා බවට පත්වෙයි. කොටින්ම හෙට ඔවුන් හඳුනන සම්බන්ධතා වූ කලී තිරයක් මත දිග හැරෙන අකුර හෝ රූප මත කියැවෙන සංකේතවලට සීමා වූ ඒවාය. අපේ ව්‍යායාමය අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍යවලට තඩිබෑම නොවේ. විනය හා ආචාර ධර්ම ඒවාටත් වලංගු වන බව කියා පෑමය. වගකීම අවසාන මොහොතේ රැඳී ඇත්තේ ඔබේ ඇඟිලි තුඩු අගය. යමක් සමාජගත කිරීමට මත්තෙන් ඔබට තවත් වරක් සිතා බැලිය හැක. ඔබේ රූපය හෝ වචනය අතිශය පෞද්ගලික නම් කළ යුත්තේ එය සමාජගත නොකිරීමය. අනුන්ගේ කිසිවක් සමාජගත කිරීමට මත්තෙන් ආචාර ධාර්මික මිනුම් දණ්ඩ භාවිත කළ යුතුමය.
සකල කලා වල්ලභ සියලු ශිල්ප ශාස්ත්‍ර වනපොත් කරන තක්සලාව බවට අන්තර්ජාලය පත් වී ඇති යුගයක නොදත් දෙය දැනගැනීම සඳහා විශ්වකෝෂ, ශබ්දකෝෂ අවලංගු වී සෙවුම් යන්ත්‍ර දිසාපාමොක් ඉපැදී ඇති නුවරක නූතන තාක්ෂණ දෙවියාට ගල් මුල් ගසන්නට එපා යැයි මේ මොහොතේ යමෙකු චෝදනා කළ හැකිය.
මේ නූතන දියුණුව ප්රගතිගාමී ලෙස දකින්නට අප ඕනෑම මොහොතක සූදානම්ය. තාක්ෂණය මැනවින් හැසිරවීමට දන්නා ආචාර ධාර්මික මිනිසුන්ට මේ සුළඟ ගින්න අවුලුවා ගැනීමට උපකාරයකි. එහෙත් අපේ කම්පාව ඇත්තේ මේ සුළඟින් ගින්න නිවා ගන්නා මිනිසුන් පිළිබඳවය. පාසලේ දී උවැසියක වන වනිතාව සයනයේ දී එසේ නොවිය යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ. එමෙන්ම අහර කෙතරම් රස වුවත් එය වැසිකිළියේ බුදින බවක් කිසිවකු අසා නැත.
මළ ගෙදරට වෙනම චාරයක් ද මඟුල් ගෙදරට වෙනම ආචාරශීලී බවක් ද තිබේ. ළමයින් ඉදිරියේ කතා කරන භාෂාවක් ද වැඩිහිටියන් ඉදිරියේ හැසිරෙන වෙනම ස්වභාවයක් ද තිබේ. පරිණත බව වන්නේ ඒ ඒ අවස්ථාවට උචිත ලෙස ප්‍රතිචාර දැක්වීමය. දැන් වළං කඩේට පනින ලද ගොනුන් වැනි අපරිණත මුග්ධයින් සමාජ මාධ්‍ය ජාලා වනචාරී ලෙස හැසිරෙද්දී විනාශ විය හැක්කේ ඔබේ පුණ්‍ය භූමිය ය. නිවසය. සමාජය ය. ඊට එරෙහිව නිවැරදි ප්‍රතිචාරය දැක්විය යුතුය. එහෙත් මේ දඩාවතේ හැසිරී සමාජය විනාශ කරන පෞරුෂ අක්රමිකතාවන්ගෙන් යුතු පිරිසෙන් අප කාරුණික ඉල්ලීමක් කළ යුතුය. ඔබේ රෝගයෙන් මිදීමට කළ යුත්තේ සමාජ මාධ්‍ය තුළ සැඟවීම නොවේ. එළියට බැස මිනිසුන් සමග ජීවත්වීමය.

👍👍
ReplyDelete👍👍👍👍
DeleteElm
ReplyDeleteThanks
Delete👍 👍 👍 👍
ReplyDelete👌
ReplyDelete