වියට්නාමයේ ඉදි වූ රන් පාලම

2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරක සිත් ඇඳ බැඳ ගන්නා විස්මිත ස්ථානයකි. වියට්නාම් භාෂාවෙන් ‘කෞ වැන්ග්’ ලෙස ව්‍යවහාර වන්නේ ‘රන් පාලම’ යන අර්ථයයි.  2017 දී ඉදි කිරීම ආරම්භ කළ මෙහි එක් වර්ෂයක් තුල සියලු ඉදි කිරීම් අවසන් කිරීමට හැකි විය.

කෞ වැන්ග් පාලම පිහිටා ඇත්තේ වියට්නාමයේ ඩැනෑන්ග් හී ‘බා නා’ නම් කඳුකරයේ ය. මුහුදු මට්ටමින් මීටර් 1414 ක් උසින් පවතින මෙහි පහල සම්පූර්ණයෙන් දර්ශනය වන්නේ කොල පැහැ සාර භූමියකි. කෞ වැන්ග් පාලමේ විශේෂත්වය වන්නේ එම පාලම විසල් අත් දෙකකින් දරා සිටින ලෙස සැකසීමයි. මෙහි නිර්මාතෘ වන්නේ වූ වියට් අන් නම් නිර්මාපකයා ය.

පාලම සම්පූර්ණයෙන් ස්වභාවික කිරීම සඳහා ඇවිදින කොටස දෙපස දම් පැහැ මල් වලින් සරසා ඇත. මෙම දැවැන්ත අත් යුග්මය නිර්මාණය කර ඇත්තේ  එම කඳුකරයේ වෙසෙනා දෙවියන් සිහි කිරීමට ය. ඒ අනුව මෙම දෙඅත් ‘දෙවියන්ගේ අත්’ ලෙස වියට්නාම් ජාතිකයන් අදහනු ලබයි.

මේ වන විට මෙම ස්ථානය වරකට නැරඹීමට පැමිණෙන පිරිස දහස ඉක්මවයි. මේ ආසන්නයේ සංචාරක ආකර්ෂණය වැඩි කරලනු පිණිස හෝටල්, දේවස්ථාන, මල් වතු හා ඉටි කෞතුකාගාරයක් පවතියි.

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය