කොටස් අහිමි පිළිම නෙළන අපූරු මිනිසා

ලෝකයේ බෲනෝ කැටලානෝ පිළිගනුයේ අපූරු ප‍්‍රතිමා නෙළන  මූර්ති ශිල්පියෙකු ලෙසයි. මොහු උපතින් ප‍්‍රංශ ජාතිකයෙකි. බෲනෝ මෙතෙක් නෙලූ පිලිම තුළ අපූර්වත්වයක් ඇත. ඒ එම පිළිම තුළ අත්‍යවශ්‍ය කොටස් අහිමි වීම හේතුවෙනි.

බෲනෝගේ කුඩා කාලය ගෙවී ගොස් ඇත්තේ මොරොක්කෝවේ ය. සිසිලි ජාතික පවුලක තෙවන එහෙත් අවසන් දරුවා ලෙස මොහු උපත ලැබී ය. 1970 දී කැටලානෝ පවුල මොරෙක්කෝවෙන් නික්මී ප‍්‍රංශය බලා ගිය හ. 1982 දී බෲනෝ නාවිකයෙකු ලෙස සේවය කිරීම ආරම්භ කළ අතර 1986  දී ඔහු එම වෘත්තිය අත් හළේ ය. ඉන් අනතුරුව ඔහු ස්ව කැමැත්තෙන් ප‍්‍රතිමා නෙළීම ආරම්භ කළේ ය.

2004 දී ඔහු විසින් නෙළූ 'සයිරානෝගේ ප‍්‍රතිමාව' තුළ ලයක් නොවිණ. කෙසේවෙතත් එය ලොවේ ඉමහත් ජනාදරයට පත්වීමට ගත වූයේ ඉතා කෙටිකලකි. 2013 සැප්තැම්බරයේ  දී ඔහු විසින් මාර්සේල්ස් හි මේ ආකාරයේ ම අමුතු ප‍්‍රතිමා 10 ක් නෙළීය.

ලොවේ අන් නොවූ විරූ ප්‍රතිමා නෙලීමේ නියැලෙන කැටලානෝ මේ වන විට ලෝකඩ මගින් අමුතු ප‍්‍රතිමා නෙලීම සිදු කරමින් ප්‍රංශයේ ජීවත්වේ.

Comments

Post a Comment

Popular posts from this blog

බහිරව වළේ සැඟවුණු කතාව (සාම්ප්‍රදායික සන්නිවේදනය)

කෝපය පාලනය කරගන්නේ මෙහෙමයි

ප්‍රේමය