Posts

නිදහස

Image
    තවත් හිතකට බරපතල වැඩ ඇතිව    දඬුවම් විදින්නට         ඉඩහැර    අවසානයේ ඔහු      සියලු වරදින්    නිදොස්ව නිදහස්        වන ලදී.. ✍️✍️චතූ

මටත් ආසයි

Image
වේදනා නිතරෝම හිමි නැති සතුට පිරි පුංචිම කැදැල්ලක කඳුළු නොවුණන දෑස් අද්දර සැඟව ගිය සුන්දර සිනාවක අහිංසක හිත තව නොරිද්දන නුඹම රජ වුණු මාළිගාවක මටත් රැජිනක් වෙන්න ආසයි හිත රිදෙන්නැති පෙම් කතාවක                                                ✍️✍️චතූ

යහළුවෝ

Image
මඩගැහිලි නැති කතන්දර නැති යළුකම් හරි කම්මැළියි රණ්ඩු සරුවල් ගහගැනිලි නැති දාට උන් හරි දුර වගෙයි ඇසුත් රතුවෙන විහිළු තහළුත් මිතුරුදමකට ඕනෙමයි උනත් මොන දේ අතැර නොයනා යහළුකම් හරි සුන්දරයි                                                         ✍️✍️චතූ

දෙවියො

Image
මරිය තුමියගෙ සෙවණෙ දෙවියන් යදින මිනිසුන් පල්ලියේ සිහිල් බෝපත් සෙවණෙ බුදුහිමි වදින මිනිසුන් පන්සලේ පිළිම දෙව් රූ සෙවණෙ සුවඳින් පුදන මිනිසුන් කෝවිලේ නොදැක අව් වැසි උන්ව සුරකින දෙවියො මුර රෑ තුන් යමේ

මතකය

Image
මතක පිළිලයක් වගේ මුළු හිතම වෙලාගෙන වතුරේ ගිල්වූ රබර් බෝලයක් වගේ උඩට එන හදවත පිහි තුඩකින් සූරනවා වගේ වේදනා දෙන අතීතයට දුවන් ගිහින් අල්ලන් එන්න හිතෙන ඇත්තමයි උඹ මහා වසංගතයක් මගේ තුන් හිතම ගිලන් කරවන

තාත්තා

Image
මගේ හිතුවක්කාරකම් මගේ කෝළම් මගේ දඩබ්බරකම් ඉවසයිද වෙන කවුරුත් මගේ තාත්තා තරම් පොඩි දේටත් නිතර අඬන ඉක්මනටම පෑරෙන හිත හදන්න හැකි කෙනෙක් ඇතද මගේ තාත්තා තරම් ආස කරන හැම දෙයක්ම කන්න හිතෙන හැම දෙයක්ම ගෙනත් දෙයිද වෙන කවුරුත් මගේ තාත්තා තරම් රැක ගන්නට  මලක් වගේ පරිස්සමට තියාගන්න හැමදාමත් ළඟින් ඉන්න වෙන කවුරුවත් ඉඳියිද මගේ තාත්තා තරම්

දැයේ මළගම

Image
කටුවාපිටියේ පුංචි ගෙවතුවල තාමත් වතුසුදු මල් පිපෙනවා ඇති සුව නොවු තැන් සුදු ඇඳුමින් වහගෙන පුංචි එවුන් පාසැල් යනවා ඇති ගී හඬ ඇසුනට මිය ගිය උන් ගැන මරියතුමිත් අද දුක් වෙනවා ඇති වරදට වගකිව යුතු උන් සුවසේ ලොකු පුටුවල තව වැජඹෙනවා ඇති ...   ✍️✍️චතූ